පසුගිය පැය24 තුළ ලැබුණු වර්ෂාතනයන් සැලකීමේ දී වැඩිම වර්ෂාපතනයක් කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව වාර්තා වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
එමෙන්ම කැලණි ගඟ, කළු ගඟ, අත්තනගලු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව මි.මී 50 -100ත් අතර තද වැසි ඇති විය හැකි බවද සඳහන්.
කෙසේවෙතත් ගංඟාවල ඉහළ ගිය ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එහි විශාල වැඩිවීමක් පෙන්නුම් නොකරන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කැලණි ගඟේ නාගලගම වීදියේ ජල මට්ටම ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එහි තවදුරටත් වැඩිවීමක් නොමැති බවය.
ඇල්ලගාව, මිල්ලකන්ද යන ස්ථානවල ද ජල මට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවද සඳහන්.
කෙසේවෙතත් තවදුරටත් අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් කැලණි ගඟ, කළු ගඟ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි අතර ඒ පිළිබඳව අදාළ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසද දැනුම් දී ඇත.

