ඒ අනුව මිල අධික නවතම ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක මිල රුපියල් 50,000 කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, රුපියල් 7000 ට අඩු ජංගම දුරකථනයක මිල රුපියල් 500කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, එම සංගමය සඳහන් කරයි.
මේ වන විට මෙරට වෙළෙඳ පොළේ තිබෙන ජංගම දුරකථන වල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා, ඩොලරයේ අගය වැඩිවීම පමණක් ඊට සෘජුව බලපා නැහැ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ජංගම දුරකථන නිෂ්පාදනයේදී යොදා ගනු ලබන "මෙමරි වල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඊට අමතරව ජංගම දුරකරන නැව්ගත කිරීමේ ගාස්තු ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. එම හේතූන් මත ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා" යැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරන් "සතිඅග අරුණ"ට පැවසීය.
"මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව ජංගම දුරකථන මිලදී ගැනීමේ අඩුවක්ද තිබෙනවා. දිනකට ජංගම දුරකථන 100 ක් පමණ අලෙවි කළ වෙළෙඳසලක මේ වන විට දිනකට අලෙවි වන්නේ ජංගම දුරකථන 80ක් පමණයි. ඒ අනුව ජංගම දුරකථන මිලදී ගැනීමද මේ වන විට 20% කින් පමණ අඩු වී තිඛෙනවා " යැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සෙනරත් වැඩිදුරටත් පැවසීය.

