සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මස මැද

Published in පුවත්
Monday, 25 May 2026 13:57

2025 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග ප්‍රතිඵල නුදුරු දිනක දී නිකුත් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාර පිළිබඳව "අද දෙරණ" කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ ප්‍රතිඵල නිකුත් කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවය.

කෙසේවෙතත් ජුනි මස මැද වන විට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළාය.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වුණු අතර ඒ සඳහා අපේක්ෂකයින් 4 51,463 දෙනෙකු පෙනී සිටියේය.

ඉන් 382,249 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර 69,214 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us