දුම්කොළ භාවිතය නිසා වසරකට පුද්ගලයින් 22,000කට වැඩි පිරිසක් මරණයට

Published in පුවත්
Tuesday, 26 May 2026 12:33

‍දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000කට වැඩි පිරිසක් මරණයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.

එහි සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සඳහන් කළේ, දුම්කොළ භාවිතය හේතුවෙන් රෝග 200කට වැඩි සංඛ්‍යාවක් වැලඳෙන බවට හඳුනාගෙන ඇති බවය.

2026 ලෝක දුම්කොළ නිවාරණ දිනය නිමිත්තෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

"අවුරුද්දකට ආසන්න වශයෙන් 22,000කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මියයනවා මේ පුංචි රට ඇතුළේ දුම්කොළ භාවිතය නිසා. ආර්ථික හානි ගැන කතා කළොත් වාර්ෂිකව රුපියල් බිලියන 214කට ආසන්න ප්‍රමාණයක් 2016 ඇස්තමේන්තුවට අනුව වියදම් කරනවා. නෙළුම් කුලුනක් හදනවා වගේ. දුම්කොළ නිසා සිදුවන හානිය නඩත්තු කරන්න අපි වියදම් කරන ප්‍රමාණය නෙළුම් කුලුනු 16ක් හදන්න යන මුදල් ප්‍රමාණයට. හයිවේ දෙකක් හදන්න යන මුදල්."

දුම්වැටි භාවිතය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය පිළිබදව ද එම මාධ්‍ය හමුවේ දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙලෙස පැහැදිලි කළේය.

"ලංකාවේ විතරක් මිලියන 9 - 11ත් අතර ප්‍රමාණයක් සිගරට් ෆිල්ටර්ස් පරිසරයට මුදාහරිනවා. මේ පාවිච්චි කරන ලද ෆිල්ටර්ස්වල උග්‍ර රසානික සහ පිළිකා ද්‍රව්‍ය අඩංගුයි. මේවායෙන් සිදුවන පරිසර, සෞඛ්‍ය හානිය අනන්තයි."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us