ගතවූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් තුන් ගුණයකින් ඉහළට

Published in පුවත්
Wednesday, 27 May 2026 20:19

ගතවූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

2022 වසරේ දත්ත අනුව මෙරටින් පිළිකා රෝගීන් 35,855ක් හදුනාගෙන ඇති තිබේ.

එම දත්ත අනුව නව පිළිකා රෝගීන් 99 දෙනෙකු දෛනිකව වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු,

"පසුගිය අවුරුදු 20ක පමණ දත්ත බැලුවොත් අපිට තුන් ගුණයක පමණ සංඛ්‍යාත්මකව වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම පිළිකා රෝගය පිළිබඳව ජනතාව අතර දැනුවත්භාවය වැඩිවීම නිසා කලින් හඳුනාගැනීම සහ වෙනත් හඳුනා ගැනීමේ පර්යේෂණ දියුණුවීම නිසා වාර්තාකරණය වැඩිවීම මෙලෙස සංඛ්‍යාත්මක වැඩිවීමට හේතු විදිහට අපි සලකනවා.

2022 ශ්‍රී ලංකා ජාතික පිළිකා ලේඛන දත්ත අනුව නව පිළිකා රෝගීන් 35,855ක් වාර්තා වෙලා තියෙනවා. මෙතනින් 16,398ක් පිරිමින් සහ 19,457ක් කාන්තා පිළිකා විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ.

ඒ කියන්නේ දිනකට සාමාන්‍යයෙන් මේ දත්ත අනුව අලුත් පිළිකා රෝගීන් 99ක් පමණ වාර්තා වෙනවා" යැයි පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us