බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවුඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමක් බවද ජනපති යොමුකළ වෙසක් පණ්වුඩයේ දැක්වේ.
මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ බාහිර ලෝකය ආලෝකවත් කරන්නා සේම, තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කරගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතු බවයි .
සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටින්නේ, අන්තගාමීත්වය බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරමින්, සොබාදහමට හිතැති, පරිසර හිතකාමී වෙසක් සැමරුමකට එක්වන ලෙසය.
මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් ඔහු අවධාරණය කර සිටින්නේ, ජාති, ආගම්, කුල වශයෙන් බෙදී සිටීම අර්ථ විරහිත බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇති බවය.

