පද්ධතියේ ස්ථායීතාවය රැක ගැනීම සඳහා ස්වේඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ඔවුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (30) දිනයේ පැය කිහිපයක් සඳහා විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුවිය.
මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳ වැටීම් වාර්තා විය.
වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකතනය කළ කාලසීමාවට වඩා ශීඝ්‍රයෙන් පහළ යාම හා සූර්ය පැනල මගින් ජනනය වන විදුලිය ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ඊයේ ජාතික පද්ධතියේ අසමතුලිතතාවක් නිර්මාණය වූ තිබුණි.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ දිනයේද ප.ව. 3 දක්වා වහල මත සූර්ය පැනල සවි කර ඇති හිමිකරුවන්ට එම සූර්ය පැනල ස්වෙච්ඡාවෙන් විසන්ධි කරන ලෙසයි ඉල්ලීමක් කර තිබුණි.
කෙසේ නමුත් ඊයේ ප.ව. 2.15ට පමණ වනවිට විදුලිය විසන්ධි කළ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවිය.

