සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුව මේ සඳහා අනුමැතිය ලබා දී තිබෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරු පැවසූහ.
මෙම එන්නත් මාත්‍රාවක මිල ඇමරිකානු ඩොලර් 40ත් 85ත් අතර පරාසයක වේ. සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමට නම් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරු පවසති.
ඩෙංගු වයිරසයට එරෙහි මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන මෙම එන්නත මිලෙන් අධික නිසා පෞද්ගලික අංශය මගින් මෙම එන්නත්කරණය ආරම්භ කිරීම යෝග්‍ය බවට වෛද්‍යවරු යෝජනා කර තිබේ.
ලෝකයේ රටවල් 41ක පමණ භාවිත කරන මෙම එන්නත ගෙන ඒමට සාකච්ඡා සිදු කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඊයේ (06 වැනිදා) පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී ය.

