යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ඇරඹේ

Published in පුවත්
Monday, 13 July 2026 09:07

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් අද (13) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මේ දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

ඒ අනුව උතුරු නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙලීම ආරම්භ වී ඇති බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම් සිදු කරන බවද ඒ මහතා පැවසීය.

මෙවර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගනු ලබන මිල ගණන් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී නාඩු කිලෝ එකක් රුපියල් 120, සම්බා වී කිලෝවක් රුපියල් 130, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් යන මුදලට මිලදී ගැනීම සඳහා තීරණය වී තිබුණි.

වී අලෙවි මණ්ඩලය පැවසුවේ ස්ථාන 143ක ගබඩාවලින් වී මිලදී ගැනීම සඳහා මේ වන විට සැලසුම් සකස් කර ඇති බවය.

මෙම කාර්යන් සඳහා රජය විසින් වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති අතර මීට අමතරව ඔඩපන ණය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය පැවසුවේ මේ තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග රැස් කර ගැනීම සඳහා පහසුකම් සලසා දී ඇති බවත් මෙම කාර්ය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරන බවත්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us