2027 දී ඩොලර් සංචිතය අර්බුදයක් ? Featured

Published in පුවත්
Tuesday, 14 July 2026 16:12

ශ්‍රී ලංකාව 2027 වසරේ නැවතත් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට පිවිසීමට සැලසුම් කර තිබුණත්, දැනට පවතින පහළ ණය ශ්‍රේණිගත කිරීම හේතුවෙන් ඉතා ඉහළ පොලී අනුපාත යටතේ ණය ගැනීමට සිදු වන බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ පවසනවා.

webinar සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ඔහු පෙන්වා දෙන්නේ, එවැනි තත්ත්වයක් තුළ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට යාමට වඩා, වත්මන් IMF වැඩසටහන අවසන් වූ පසුවත් තවත් IMF ගිවිසුමකට එළඹීම ශ්‍රී ලංකාවට වඩාත් ප්‍රයෝජනවත් විකල්පයක් විය හැකි බවයි.

ඔහුට අනුව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවමත් ඉහළ අවදානම් කාණ්ඩයේ පවතින බැවින්, ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමට සිදු වුවහොත් සියයට 11ත් 14ත් අතර ඉහළ පොලියක් ගෙවීමට සිදුවිය හැකියි. එවැනි තත්ත්වයක් තුළ පැරණි ණය ගෙවීම සඳහා අලුත් ණය ලබා ගැනීම ප්‍රායෝගික නොවන බවද ඔහු සඳහන් කරනවා.

මහාචාර්ය අතුකෝරළ පෙන්වා දෙන්නේ 2027 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 180ක් දක්වා ඉහළ යා හැකි අතර, ඉන් විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 53ක් පමණ වනු ඇති බවයි.

එමෙන්ම IMF ඇස්තමේන්තු අනුව 2027 වන විට ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 12ක පමණ නිල විදේශ සංචිත තිබිය යුතු වුවද, දැනට පවතින සංචිත එම ඉලක්කයට වඩා සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පවතින බවද ඔහු පෙන්වා දෙනවා. වසරක් ඇතුළත එම සංචිත දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නැංවීම ඉතා දුෂ්කර කාර්යයක් බවද ඔහුගේ අදහසයි.

රජය බදු ආදායම් වැඩි කර ප්‍රාථමික අතිරික්තයක් ලබා ගත්තද, විදේශ ණය ගෙවීම සඳහා අවශ්‍ය වන්නේ විදේශ විනිමය බවත්, ඒ සඳහා ප්‍රමාණවත් සංචිත තවමත් නොමැති බවත් ඔහු පවසනවා.

මහාචාර්ය අතුකෝරළ වැඩිදුරටත් අවධාරණය කරන්නේ, IMF වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ අඩු පොලී ණය පමණක් නොව, එම වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය විශ්වාසයද ගොඩනඟන බවයි. ඒ හරහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ද්විපාර්ශ්වික ණය දායකයන්ගෙන් මූල්‍ය සහාය ලබා ගැනීමද පහසු වන බව ඔහු සඳහන් කළා.

 

As Sri Lanka is to be faced with elevated interest rates once it re-enters international capital markets in 2027, due to its low credit ratings, a consecutive International Monetary Fund (IMF) agreement appears to be a viable alternative, Emeritus Professor Premachandra Athukorala said, speaking on a webinar LEADS Sri Lanka hosted on Sunday (12).

themorning.lk

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us