සබන් වලට නව විධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

Published in පුවත්
Friday, 17 July 2026 09:21

වෙළෙඳපොළේ ඇති සබන් වර්ග කිහිපයක් ආනයනය කිරීම, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ විකිණීම සිදු කිරීමේදී ඒවායේ ඇසුරුම්වල හෝ ලේබලයේ නිශ්චිත තොරතුරු මුද්‍රණය කර තිබීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව විධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා ඇත.

නව විධානය නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළෙඳුන්ට අදාළවන පරිදි පනවා තිබේ.

ඒ අනුව අදාළ නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකද සටහන් කළ යුතුය.

ඇසුරුම් කරන ලද අවස්ථාවේදී නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස පැහැදිලිව, ප්‍රකටව සහ මිලිමීටර් 2 (මි.මී. 2) ට නොඅඩු ඝන අකුරින් මුද්‍රණය කළ යුතුය.

මෙම විධානය අදාළ වන සබන් වර්ග (උපලේඛනය) මෙම නව රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා අදාළ වේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතාගේ නිර්දේශ පරිදි 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විධිවිධාන ක්‍රියාත්මක වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us