බස් රථ ඇතුළු සියලු රථවල තත්ව පරීක්ෂාවකට තීරණය

Published in පුවත්
Monday, 20 July 2026 09:22

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලය පවසයි.

එහි සභාපති මංජුල කුලරත්න මහතා පැවසුවේ මෙම ක්‍රියාවලිය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.

මෙරට පොදු ප්‍රවාහනයේදී සිදුවන රිය අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිල්ල සහ වාහනවල පවතින විවිධ දුර්වලතා බව පෙන්වා දෙන ඒ මහතා මේ පිළිබඳව අවධානය යොමු කරමින් පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ ඇතුළු සියලු වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

මෙම තත්ත්ව පරීක්ෂාව සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

අදාළ බඳවා ගැනීම්වලින් පසු සැප්තැම්බර් අග වන විට මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් පැවසූ ඒ මහතා ඒ අනුව මෙරට පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම රථවාහනවල තත්ත්ව පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගන්නා බවද පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us