මුදල් අමාත්‍යංශය යන්නේ අයාලේ.. Featured

Published in පුවත්
Saturday, 25 July 2026 10:28

ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම් සිදුව ඇත්තේ මුදල් අමාත්‍යංශයේ පාලන රාමුවේ තිබෙන දුර්වලතා සහ අමාත්‍යාංශ නිලධාරීන් සිය රාජකාරි නිසියාකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන් බව ශ්රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වර්තාවක දැක්වේ.

එසේම මුදල් අමාත්‍යංශය ශ්‍රි ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් කරුණුමය වශයෙන් නිවැරදි නොවන ප්‍රකාශ කිහිපයක් සිදුකර තිඛෙන ඛවද ඵම වාර්තාවේ සඳහන් වේ.

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ රාජ්ය මූල්ය පිළිබඳ කාරක සභාවට පිළිතුර දෙමින් මහ බැංකුව වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් එක් වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.

හැකරුන් කණ්ඩායමට, භාණ්ඩගාරයෙන් ඇමෙරිකානු ඩොලර් ලකෂ 25 ක මුදලක් සොරකම් කිරීම සඳහා අවශ්ය පසුබිම සකස් වී ඇත්තේ මුදල් අමාත්‍යංශයේ පැවැති මූලික මෙහෙයුම් සහ පාලන දුර්වලතා හේතුවෙන් බවද එම වාර්තාවේ සඳහන් වේ.

ඵසේම මුදල් අමාත්යාංශයේ බාහිර ණය ගෙවීම සඳහා තිබෙන ක්රියාවලියේ අසාර්ථකත්වයද මෙම සොරකමට අවශ්ය පසුබිම සකස් කර ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

මුදල් අමාත්‍යංශයේ බාහිර / සම්පත් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ණය ලේඛනවලට අනුව ලැබී තිබෙන ගෙවීම් උපදෙස් නිවැරදි දැයි තහවුරු කර ගැනීමේ වැදගත්ම රාජකාරිය පැවැරී ඇති අමාත්යාංශ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස ඉටුකර නැතැයිද ශ්රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා වි සඳහන් වේ

හැකරුන්ට මුදල් අමාත්‍යංශයේ විද්‍යුත් තැපෑලේ ආරක්ෂාව බිඳ දැමීමට හැකිවීමත් ගෙවීම් උපදෙස් නිවැරදිදැයි තහවුරු කර ගැනීමට එම රාජකාරිය පැවැරී ඇති නිලධාරීන් අසමත් වීමත් හේතුවෙන් මෙම සොරකම සිදුවී තිඛෙන ඛව පැහැදිලි යැයිද ඵම වාර්තාවේ සඳහන් වේ.

 

 

ලංකාදීප වාර්තාවක් ඇසුරෙනි.

Last modified on Saturday, 25 July 2026 10:28

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us