අභියාචනාධිකරණය එම නියෝගය ලබාදී තිබුණේ ඊයේ (27) පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.
එහිදී, පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළාය.
ඒ අනුව, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ පෙත්සම අද යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ඒ අනුව, පෙත්සම විභාගයට ගන්නා ස්ථිර දිනය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

