අධික රස්නය නිසා දඹුල්ලට එළවළු සැපයුම අඩාල වෙයි

Published in පුවත්
Wednesday, 29 July 2026 09:11

දඹුල්ල වෙ​ළෙඳපොළට එළවළු තොග සැපයුම කිලෝග්‍රෑම් ලක්ෂ දෙකකින් පමණ පහළ ගොස් ඇති බව විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති සී.ඒ. සිරිවර්ධන පැවසීය.

ඊට හේතුවී ඇත්තේ අධික පෑවිල්ල නිසා වගාව විනාශ වීම සහ ගොවීන්ට නිසි පරිදි පොහොර නොලැබීම බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දෛනිකව එළවළු කිලෝ ලක්ෂ හයකට අධික ප්‍රමාණයක් ලැබුණ බවත් ඊයේ (28 වැනිදා) තොග සැපයුම කිලෝ ලක්ෂ හතරක් පමණ දක්වා පහළ ගිය බව හෙතෙම පැවසීය. තොග මිල පහළ ගිය බවත් මාළුමිරිස් කිලෝවක් සඳහා රුපියල් 500-550ක ඉහළම තොග මිල ලැබී ඇත.

කැරට් කිලෝවක තොග මිල රුපියල් 230-250ක්, වම්බටු 350ක්, මුරුංගා 150-200ක්, වට්ටක්කා 115ක්, බණ්ඩක්කා 60-70ක්, ලීක්ස් 200ක්, වැටකාළු 170ක තොග මිලකට අලෙවි ඇත.

රට පුරා එළවළු තොග ගැනුම්කරුවන්, ජංගම වෙළෙඳුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයෙන් පැවැති බවත් ලැබුණ එළවළු තොග සම්පූර්ණයෙන්ම අලෙවි වූ බව සභාපතිවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us