තින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (06 වැනිදා) සිට ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව,බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊයේ (05 වැනිදා) පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝටන් ප්‍රදේශයෙන් වාර්තා විය. එම ප්‍රදේශයෙන් මිලිමීටර් 115 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා වූවේය.
වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එල්.එස්.සූරිය බණ්ඩාර කියා සිටියේ ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය මට්ටමක පැවැතියද සාමාන්‍ය වර්ෂාපතනයක් යටතේ ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමේ හැකියාවක් පවතින බවය.

