බෙල්ලන්විල ඇසල මහා පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනයට සීමා

Published in පුවත්
Wednesday, 12 August 2026 09:23

බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසල මහා පෙරහර හේතුවෙන් පහත සඳහන් දිනවල පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හෙට (13) දින පාවඩ පෙරහර රාත්‍රී 0700 ට ආරම්භ වී රාත්‍රී 1000 ට අවසන් වීමට නියමිතව ඇති අතර එම කාලය තුළ 119 මහරගම දෙහිවල බස් මාර්ගය, බොරලැස්ගමුව නගරයෙන් හා බෙල්ලන්තර මංසන්ධියෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

විකල්ප මාර්ග –

මහරගම සිට දෙහිවල දෙසට හා පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා රථ වාහන පැපිළියාන මංසන්ධියට ගමන් කර වමට හැරී ස්පාර් වටරවුම හරහා බෙල්ලන්තර දෙසට පිවිස නැදිමාල හරහා දෙහිවල දෙසට ගමන් කල හැකියි.

තවද බොරලැස්ගමුව හා ගාලු පාර සම්බන්ධ කරන වේරහැර හන්දියෙන් ගංගාරාම මාර්ගය ඔස්සේ ගොළුමඩම හන්දිය දක්වා වූ විකල්ප මාර්ගය භාවිතා කර ගාලු පාරට පිවිසිය හැකියි.

2026.08.14 දින රන්සීවලී පෙරහර රාත්‍රී 0800 ට ආරම්භ වී පසුදින අළුයම 0200 ට අවසන් වීමට නියමිතව තිබෙනවා.

පෙරහර 119 මහරගම දෙහිවල බස් මාර්ගයට පිවිස බෙල්ලන්තර මංසන්ධිය දෙසට ගමන් කර සෝමරත්න මාවතට හැරෙන මංසන්ධියෙන් දකුණට හැරී සෝමරත්න මාවත ඔස්සේ විහාර මාවතට පිවිස විහාර මාවත ඔස්සේ නැවත බෙල්ලන්විල විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.

පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළදී බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර මංසන්ධිය දක්වා 119 බස් මාර්ගය රථා වාහන ගමනාගමනය සීමා කරනු ලබනවා.

විකල්ප මාර්ග –

දෙහිවල දෙස සිට මහරගම දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන බෙල්ලන්තර මංසන්ධියෙන් වමට හැරී 117 මාර්ගය ඔස්සේ පැපිළියාන මංසන්දියට පිවිස දකුණට හැරී බොරලැස්ගමුව මංසන්ධියට පිවිසිය හැකියි.

මහරගම දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා බරවාහන

01. බොරලැස්ගමුව මංසන්ධියෙන් දකුණට හැරී පැපිළියාන මංසන්ධියට ගමන් කර වමට හැරී 117 මාර්ගය ඔස්සේ බෙල්ලන්තර මංසන්ධයට පිවිසිය හැකියි.

02. බොරලැස්ගමුව මංසන්ධියෙන් වමට හැරී පිළියන්දල මංසන්ධියට ගමන් කර දකුණට හැරී කටුබැද්ද මාර්ගය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකියි.

මහරගම දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන මාලනී බුලත්සිංහල පාරට හැරෙන හන්දිය දක්වා ගමන් කර වමට හැරී පිට වේල්ල පාරට පිවිස කහවිට මාවත ඔස්සේ 117 මාර්ගයට ගමන් කල හැකියි.

2026.08.15 දින රන්දෝලි මහා පෙරහර රාත්‍රී 0800 ආරම්භ වී පසුදින අළුයම 0400 ට අවසන් වීමට නියමිතව ඇති අතර එම කාලය තුල බොරලැස්ගමුව මංසන්ධිය, බෙල්ලන්තර මංසන්ධිය, නැදිමාල මංසන්ධිය, 117 රත්මලාන නුගේගොඩ මාර්ගයේ අත්තිඩිය පොලිස් අභ්‍යාස විද්‍යාලය මංසන්ධියේ සිට පැපිළියාන මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

විකල්ප මාර්ග –

මහරගම හා පිළියන්දල දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා රථවාහන කොහුවල මංසන්ධියට පිවිස වමට හැරී කොහුවල කළුබෝවිල මාර්ගය ඔස්සේ ගාලු පාරට පිවිස දෙහිවල දෙසට ගමන් කළ හැකියි.

ගල්කිස්ස, රත්මලාන දෙස සිට මහරගම, බොරලැස්ගමුව දෙසට ගමන් ගන්නා රථවාහන අත්තිඩිය බේකරි මංසන්ධියෙන් වමට හැරී ගාලු පාරට පිවිස දෙහිවල විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය අසලින් කොහුවල දෙසට ගමන් කර දකුණට හැරී බොරලැස්ගමුව, මහරගම දෙසට ගමන් කල හැකියි.

දෙහිවල සිට පැපිළියාන දෙසට ගමන් ගන්නා රථවාහන නැදිමාල මංසන්ධියෙන් ඇන්ඩෘසන් මාර්ගයට පිවිස වමට හැරී කොහුවල හන්දියට ගමන් කර කොළඹ ,බොරලැස්ගමුව, නුගේගොඩ දෙසට ගමන් කල හැකියි.

තවද ඉහත කාල සීමාව තුළ හොරණ, පිළියන්දල, කැස්බෑව මෙන්ම මහරගම දෙස සිට පැමිණෙන බරවාහන ගාලු පාර දක්වා ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් කොහුවල මංසන්ධියට ගමන් කර වමට හැරී කොහුවල, කළුබෝවිල මාර්ගය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

කොළඹ දෙස සිට පැපිළියාන මංසන්ධියට හෝ බොරලැස්ගමුව මංසන්ධිය ඔස්සේ ගාලු පාරට පිවිසීමට බලාපොරොත්තු වන සියළු බරවාහන පිළියන්දල මංසන්ධියට ගමන් කර දකුණට හැරී කටුබැද්ද මාර්ගයට පිවිස කටුබැද්ද මංසන්ධියෙන් ගාලු පාරට පිවිස රත්මලාන , ගල්කිස්ස ,මොරටුව , පානදුර දෙසට ගමන් කළ හැකියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us