මේ මස මුල් දින 16 තුළ පමණක් මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

Published in පුවත්
Wednesday, 19 August 2026 15:52

අගෝස්තු මාසයේ මුල් දින 16 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 113,307ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව, එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ අනුව ඉන්දියානු සංචාරකයින් 25,355ක් පැමිණ ඇති අතර, එය සමස්ත සංචාරක පැමිණීමෙන් 22% කි. මීට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 12,738ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 8,106ක් ද මෙම දින 16 තුළ දිවයිනට ළඟා වී තිබේ.

මේ අතර, 2026 වසරේ ජනවාරි මස 01 වන දින සිට අගෝස්තු මස 16 වන දින දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ එකතුව 1,456,725ක් ලෙස සටහන් වී ඇත.

එම සමස්ත කාලය තුළද වැඩිම සංචාරකයින් පිරිසක් (363,585ක්) පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 143,139ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us