එල් නිනෝ බලපෑම මේ වන විට දිස්ත්‍රික්ක 7කට

Published in පුවත්
Monday, 24 August 2026 09:33

එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙනුයේ එම දිස්ත්‍රික්ක 7හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව

ඇති බවය‍.

එමෙන්ම පවුල් 25,628ක පුද්ගලයින් 81,865ක් එල් නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

මෙම බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව පවුල් 23,048ක පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264ක පුද්ගලයින් 33,023 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 9,547ක් ඇතුළත් පුද්ගලයින් 28,523කට පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක පීඩාවට පත් පවුල් 2,537ක පුද්ගලයින් 7,882ක් සඳහාද වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us