මෙරටට ගෙන්වා තිබූ ෆිල්ගැස්ට්‍රින් එන්නත් එක් ලක්ෂ හැටදහසක අඩංගු බහාලුමේ ලේබල් අලවා තිබුණත් සිරින්ජර්වල ලේබලය නොතිබීම නිසා ඒවා රෝහල් වෙත නිකුත් නොකිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇත.
මේ හේතුව මත පුද්ගලික අංශය සතුවද අදාළ එන්නත් අවසන් වී ඇත. මෙම පිළිකා එන්නත සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කළේය.
එන්නත් මෙරටට ලබාදීමට සුදුසුකම් ලැබූ අදාළ සමාගම අලුතින් එම එන්නත් මිලදී ගෙන මෙරටට ගෙන ඒම සඳහා සති තුනක කාලයක් ගත වන බවට සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දී තිබේ.
ඒනනත් හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා සමග පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර සිකුරාදා (28 වැනිදා) විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ලබන සතිය ඇතුළත ගුවන් මගින් එන්නත් මාත්‍රා 15000ක් මෙරටට ගෙන ඒමට නියමිතව ඇති බවයි.

