විරෝධයක් හේතුවෙන් ලබන වසරට අදාළ ගුරුමාරු ක්‍රියාවලිය නතර වෙයි

Published in පුවත්
Thursday, 03 September 2026 09:35

ජාතික පාසල්වල ගුරුවරුන් එකොළොස් දහසකගේ ස්ථාන මාරු අනුමත කෙරෙන මාරු මණ්ඩලවලින් ගුරු වෘත්තිය සංගම් ඉවත් වී තිබේ.

එම සංගම් නියෝජිතයෝ මෙලෙස ඉවත් වී ඇත්තේ පසුගිය වසරේ දී ස්ථාන මාරු කරන ලද ගුරුවරුන් තුන්සිය දෙනකුට වැඩි පිරිසක් ප්‍රධාන පෙළේ ජාතික පාසල්වල තවදුරටත් රැඳී සිටීමට විරෝධය පළ කරමිනි. මෙම ක්‍රියාමාර්ගයත් සමග ලබන වසරට අදාළ ගුරුමාරු ක්‍රියාවලිය නතර වී ඇත.

ස්ථාන මාරු සඳහා විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන තෙක් මාරු මණ්ඩලවලට නොපැමිණෙන බව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැවට ඊයේ (02 වැනිදා) දැනුම් දී තිබේ.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරුසේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය සහ ජාතික විදුහල්පති සංගමය ඇතුළු වෘත්තිය සංගම් කිහිපයකම නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ස්ථාන මාරු කළ ගුරුවරුන් නිසා පිට පළාත්වල සිට එම පාසල්වලට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ගුරුවරුන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින බව එම වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ජෝශප් ස්ටාලින් පැවසීය.

ස්ථාන මාරු භාර නොගැනීමට අදාළව ඉදිරිපත් කළ අභියාචනා මාරු මණ්ඩලවලින් ප්‍රතික්ෂේප වීමෙන් පසු ඇතැම් ගුරුවරුන් තවදුරටත් එම පාසලේම රැඳී සිටීමේ අරමුණින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් එම අභියාචනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද මෙතෙක් තීන්දු ලබා දී නොමැති බවත් හෙතෙම කීවේය.

සියලු ගුරුවරුන්ට එක හා සමාන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීය යුතු යැයි ද කැඳවුම්කරු ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us