ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතී.
මේ අතර එම ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
ඊයේ (14) උදෑසන 8.30 සිට අද (15) අලුයම 3 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ වස්ලතාලාරාමය, කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ මි.මී 146.5ක් ලෙසය.

