ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමේ ගැටලුවක්

Published in පුවත්
Tuesday, 15 September 2026 10:32

පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඉන්ධන පිරවුම්හල් පන්සියයක් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බැවින් එම ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේ ගැටලුවක් මතුව ඇති බවට ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

ලංකා IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 250ක, සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් 150ක සහ ආර්.එම්. පාර්ක් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 100ක ද ඒ අනුව ඩීසල් බෙදාහැරීම සීමාකර ඇත.

එ් අනුව සිනොපෙක්, ආර්.එම්. පාර්ක් සහ ලංකා IOC, යන සමාගම් මෙලෙස ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත.

ඊයේ [14 වැනිදා] කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මේ පිළිබඳ කියා සිටියේය.

අදාළ සමාගම් මෙරටට ඉන්ධන ආනයනය කරන මිල සහ දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන මිල අතර පවතින විශාල පරතරය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව මෙහිදී ඔහු පැවැසුවේය.

මේ හේතුවෙන් මහජනතාව මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන්ද විශාල පීඩාවකට ලක්ව ඇති බව සඳහන් කළ සභාපතිවරයා මේ වන විට ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේ ගැටලුවක් ද මතුව ඇති බවත් පවසා සිටියේය.

ඊයේ [14 වැනිදා] කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මේ පිළිබඳව කියා සිටියේය.

අදාළ සමාගම් මෙරටට ඉන්ධන ආනයනය කරන මිල සහ දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන මිල අතර පවතින විශාල පරතරය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව මෙහිදී ඔහු පැවැසුවේය.

වත්මන් රජයේ මිල සූත්‍රයට අනුව ඉන්ධන අලෙවි කිරීමෙන් තමන්ට විශාල පාඩුවක් විඳීමට සිදුවන බව එම පෞද්ගලික සමාගම් සමග පැවැති සාකච්ඡාවලදී ඔවුන් ප්‍රකාශ කළ බව මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එලෙස සිදුවන පාඩුව අවමකර ගැනීමට අදාළ සමාගම් විසින් මෙලෙස වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඔහු පැවැසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතෙම මෙසේ ද ප්‍රකාශ කළේය. මෙම සමාගම් පොරොන්දු වුණා ඒගොල්ලෝ ‘’අඛණ්ඩව තෙල් සපයනවා කියල. ඒවගේම ඔවුන් කිව්වා විදේශ විනිමය පාවිච්චි කරලා තෙල් සපයනවා කියලා කිව්වා. රජයෙන් කිව්වා රජයෙන් මිලක් නියම කරන්නේ නෑ තරගකාරී මිලකට තෙල් විකුණන්න දෙනවා කියලා. නමුත් වුණේ ඒ සමාගම් ආවට පස්සේ රජයේ මිලට ඒගොල්ලොන්ටත් තෙල් විකුණන්න වෙලා තියෙනවා. ඒගොල්ලො කියනවා පාඩු ලබලා ඒ මිලට තෙල් විකුණන්න අමාරුයි කියලා. ඒ තරගකාරී මිලට ඒගොල්ලොන්ට තෙල් විකුණන්න දුන්නා නම් මේ ප්‍රශ්නේ නිරාකරණය වෙයි.”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us