එජාප නව තනතුරුවල අර්බුදයක් Featured

Published in පුවත්
Thursday, 02 October 2014 10:04

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයන්ට විසඳුමක් ලෙස ‍ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරමින් පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ නව තනතුරුවලට අයත් වගකීම් සහ කාර්යයන්ගේ ස්වභාවය කුමක්ද යන්න පැහැදිලි කර නොමැති බැවින් එම තනතුරුවල වගකීම් සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුව ඇතැයි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු සඳහන් කළේය.

මේ අනුව නායකත්වය විසින් නියෝජ්‍ය නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාව ද උප නායක ධුරයට රවි කරුණානායක මහතාව ද යෝජනා කර ඇති නමුත් එම තනතුරු දෙක අතර ඇති වෙනස හෝ එයින් ඉහළ පහළ තිබෙන්නේ කුමන ධුරය ද යන්න පැහැදිලි කිරීමක් කර නොතිබීම හේතුවෙන් මෙම අර්බුදය පැන නැගී ඇතැයි ද හෙතෙම පැවසීය.

එයට අමතරව දැනට ක්‍රියාත්මක වන නායකත්ව මණ්ඩලය මෙම තනතුරු දෙකත් සමඟ ස්ථානගත වන්නේ කොතැනක දැයි පැහැදිලි කිරීමක් ද නැති බැවින් මෙම අර්බුදය තවත් උත්සන්න වී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

එසේම නියෝජ්‍ය නායකත්වය ලබා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කොන්දේසිවලට සිදුවූ දෙය තවමත් පැහැදිලි නැති අතර, තමා නියෝජ්‍ය නායකත්වයට පත් වන්නේ නම් නායකත්ව මණ්ඩලය අහෝසි කළ යුතු යැයි ද එජාප සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති සමහර සාමාජිකයන් කොන්දේසි විරහිතව නැවත වරක් පක්ෂයට බඳවා ගත යුතුව ඇතැයි සඳහන් කොන්දේසිවලට කුමක් සිදුවූයේ දැයි දැනගැනීමට නැති බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව වසරක කාලසීමාවක් සඳහා පත් කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය නොවැම්බර් මාසයේදී නිල කාලසීමාව අවසන් වන බැවින් එය දිගු කිරීමකට නොයාම ඉබේම අහෝසි වන පරිදි ක්‍රියා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කිරීම ද පක්ෂය තුළ අර්බුදයක් මතු කිරීමට හේතුවී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු සාමාජික පිරිසව අත්හැර ජනාධිපතිවරණය සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 19 දෙනකු පත් කිරීමට පියවර ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us