පොදු අපේක්ෂකයා වෙන්න කියා කිසිදු යෝජනාවක් ලැබුනේ නැහැ

Published in පුවත්
Thursday, 02 October 2014 13:55
ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණින්  තමා වෙත කිසිදු යෝජනාවක්  ලැබී නොමැති බව කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
 පොදු අපේක්ෂයෙක් වශයෙන් ඉදිරිපත් වීමට ද තවම  තීරණය කර නොමැති අතරම තමාට තිබෙන්නේ පොදු අපේක්ෂයෙකු වශයෙන් ඉදිරිපත් වීමට වඩා පොදු ප්‍රතිපත්ති ප්‍රකාශයක් බව උන්වහන්සේ පවසයි. ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම හා 18 අහෝසි කිරීම, මැතිවරණ වෙනසක් ඇති කිරීම වැනි දේ උදෙසාය.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසන්නේ පොදු අපේක්ෂක වශයෙන් විවිධ දේශපාලනඥයින්ගේ, ක්‍රිඩකයන්ගේ, හිටපු තානාපතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරින් බොහෝමයකගේ නම් මේ වන විට ද යෝජනා වී ඇති බවත්  ඒ අතරින් එක් අයෙකු පොදු අපේක්ෂයෙකු වීමට නම් සියළුම විපක්ෂයේ දේශපාලන පක්‍ෂ කැමැත්ත පල කල යුතුය යනුවෙනි.
 
නමුත් එක් පක්ෂයක් හෝ ඔවුන්ගේ පක්ෂයේ අයෙක් ඉදිරිපත් කරන්නේ නම් පොදු අපේක්ෂයෙක් ඉදිරිපත් නොකරන බව උන්වහන්සේ පැවසූහ. උදාහරණයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් තමා පොදු අපේක්ෂයෙකු වශයෙන් ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බව පෙන්වා දුන්නේය.
 
එසේම ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය තමාට පොදු අපේක්ෂයෙකු වශයෙන් ඉදිරිපත් වන ලෙස යෝජනා කළහොත් එය භාර ගෙන ඉදිරිපත් වන නමුත් මෙතෙක් එවැනි යෝජනාවක් තමාට ලැබී නොමැති බව උන්වහන්සේ පවසයි.
 
පසුගිය සදුදා (29) දින විශ්‍රාමික නිලධාරින් විසින් පැවැත් වු සාකච්ඡාවකදී පොදු අපේක්ෂකයා වශයෙන් සෝභිත හිමි ඉදිරිපත් කිරීමට යෝජනාවක් ද සම්මත වී තිබේ. එසේම අද (02) දිනයේද විශ්‍රාමික මහජන නියෝජිතයින් සමග පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us