ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව පාප්තුමන්ට පහදයි

Published in පුවත්
Saturday, 04 October 2014 07:43

ඇතැම් පිරිස්‌ දුර්මත ප්‍රචාරය කළ ද ශ්‍රී ලංකාවේ සියලු ආගමික කොටස්‌ අතර සුහදතාව හා සංහිඳියාව පවතින බව ඉතාලියේ සහ වතිකානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (03 ) පෙරවරුවේ වතිකාන මාලිගයේදී ශුද්ධොත්තම පළමුවැනි ෆ්‍රන්සිස්‌ පාප් වහන්සේ බැහැ දකිමින් අවධාරණය කළේය.

මේ හමුවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබන වසරේ ජනවාරි මාසයට සැලසුම් කර ඇති පාප් වහන්සේගේ චාරිකාව සඳහා නිල ඇරයුම උන්වහන්සේ වෙත පිළිගැන්වීය.

රෝමයේ වේලාවෙන් ඊයේ (03 වැනිදා) පෙරවරු 10.30 ට පමණ ශුද්ධාසන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපති රාජපක්‍ෂ මහතා සහ ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මිය වතිකානයේ ප්‍රධාන සන්ධාන නිලධාරි ජොසේ බෙතන්කෝට්‌ මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.


වතිකානයේ සේවයේ නිරත සාම්ප්‍රදායික වර්ණවත් නිල ඇඳුමින් සැරසුණු ස්‌විස්‌ ආරක්‍ෂක බළඇණිය ජනාධිපතිවරයා වෙත ගෞරවාචාරයක්‌ පිරිනැමීය.

අනතුරුව ජනාධිපතිවරයා, ආර්යාව සහ ශ්‍රී ලංකා දූත පිරිස අපෝස්‌තොලික මාලිගා අභ්‍යන්තරය වෙත කැඳවා ගෙන යනු ලැබූහ. ජනාධිපතිවරයා සහ පාප් වහන්සේ අතර හමුව අපෝස්‌තොලික මාලිගාවේ සභා මණ්‌ඩපයේදී සිදුවිය.

ජනාධිපතිවරයා සහ පාප්වහන්සේ අතර අනතුරුව ආරම්භ වූ සාකච්ඡා සුහද හා ළෙන්ගතු අයුරින් සිදුවිය.

ගැටුම් නිම වීමෙන් පසු අවතැන් වූවන් යළි පදිංචි කිරීම, හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කොට නැවත සමාජගත කිරීම, එල්ටීටීඊ ළමා සෙබළුන් මවුපියන්ට භාරදීම, බිම්බෝම්බ ඉවත් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය හා විදුලිය සම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම අතින් ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය ජනාධිපතිවරයා පාප් වහන්සේට විස්‌තර කළේය.

'' අපි රටට සාමය උදා කොට රට කඩිනම් ආර්ථික සංවර්ධන මඟකට යොමු කළා. ජාතික සමගි සන්ධානය සඳහා විධිමත් පියවර ගත්තා. ත්‍රස්‌තවාදී ග්‍රහණයට හසුව බිඳ වැටී තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ප්‍රතිෂ්ඨාපනය ආරම්භ කළා. උතුරු පළාත් සභා මැතිවරණය ඊට නිදසුනක්‌'' රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.


ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කර දීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්‌තුතිය පළ කළ පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට මහත් ඕනෑකමකින් පසුවන බව ද සඳහන් කළහ.

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා චාරිකාව පිළිබඳව ද මෙහිදී අදහස්‌ හුවමාරු කර ගන්නා ලදී.

පාප්වහන්සේ හමුවෙන් පසු ජනාධිපතිවරයා ශුද්ධාසනයේ රාජ්‍ය ලේකම් සහ අගමැති අති උතුම් පියෙත්ත්‍රොa පැරොලින් කාදිනල්තුමා හමු වී කෙටි පිළිසඳරක නිරත විය.

අගවිනිසුරු මොහාන් පීරිස්‌, විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌, සමාජ සේවා ඇමැති ෆීලික්‌ස්‌ පෙරේරා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා, විදේශ නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඇන්තනි වික්‌ටර් පෙරේරා, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග යන මහත්වරු ද විදේශ අමාත්‍යාංශ ලේකම් ෂෙණුකා සෙනෙවිරත්න මහත්මිය සහ ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාද ජනාධිපතිවරයා සමඟ මේ අවස්‌ථාවට එක්‌ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us