නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් ආනන්ද සංගරී මහතා පවසන්නේ, දෙමළ සන්ධානය සමග දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමෙන් යහපතක් අත් නොවන බවයි.
ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අපේක්ෂාවන් අනුව මිස දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු නොකරන බව ආනන්ද සංගරී මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත.
ශ‍්‍රී ලංකවේ දෙමළ ජනතාවගේ ගැටළු පිළිබඳ සැබෑ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට දෙමළ සන්ධානයෙන් බාධා එල්ල වන බවද එහි දැක්වේ.
එල්.ටී.ටී.ඊය විසින් සිදු කරන ලද අමානුෂික ඝාතනයන් හී වගකීම දෙමළ සන්ධානයට ද පැවැරෙන බව ඔහු මෙම ලිපිය මගින් අවධාරණය කරයි.
එම තත්ත්වය සලකා දෙමළ ජනතාවට අවශ්‍ය විසඳුම් සම්බන්ධයෙන් මධ්‍යස්ථ දෙමළ පක්ෂ සමග සාකච්ඡුා සිදුකරන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉන්දීය අග‍්‍රාමත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇත.
පසුගිය ජුනි මාසයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායමක් ඉන්දීය සංචාරයක නිරත වු අතර, එහි දී දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය රජය අවධානය යොමු කළ බව දෙමළ සන්ධානය නිවේදනය කළේය.
දෙමළ ජාතික සන්ධානය හැර අනෙකුත් දේශපාලන පක්ෂ සමග දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නැයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...