වෛද්‍ය සංගමයේ නිලවරණය බලරහිත කරයි

Published in පුවත්
Friday, 04 July 2014 18:36

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් ජුනි 28 වැනිදා පැවැත්වූ නිලවරණය බලරහිත කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ගිහාන් රණවක මහතා ඊයේ (3) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම තහනම් නියෝගයත් සමග තේරීපත් වූ නිලධාරී මණ්ඩලයට සංගමයේ චංචල හා නිශ්චල දේපළ භාවිතා කිරීම සපුරා තහනම් විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීතිවිරෝධී ආකාරයට නිලවරණයක් පවත්වන්නට සූදානම් වන බැවින් එය තහනම් කරන ලෙසට සංගමයේ වෙනත් වෛද්‍යවරුන් පිරිසක් ගල්කිස්ස අධිකරණයෙන් ඉල්ලා තිබුණි. අධිකරණය එම ඉල්ලීම පිළිගන්වමින් නිලවරණය තහනම්කොට නියෝගයක් පනවා ඇත.

ඊට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරීහු කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිලවරණය පැවැත්වීමට අවසරය ලබාගෙන ඇත. එම අවසරය මත නිලවරණය ඉකුත් ජුනි 28 වැනිදා පවත්වා තිබේ.

ගල්කිස්ස උසාවිය මගින් පැනවූ තහනම අභියෝගයට ලක්කරමින් උසාවියට අපහාස වන ආකාරයට මෙම නිලවරණය පවත්වා ඇතැයි නිලවරණයට එරෙහි වෛද්‍ය කණ්ඩායම ගල්කිස්ස උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා ඇත.

මෙහිදී අසාධාරණ හා දූෂිත ක්‍රියා සිදුවූ බවත් එබැවින් නිලවරණය තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් වෛද්‍ය නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

නව නිලධාරී මණ්ඩලයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 9 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගල්කිස්ස උසාවිය මගින් සිතාසි නිකුත් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us