ජනපතිවරණය මාර්තුවට කල් යන ලකුණු ! Featured

Published in පුවත්
Saturday, 04 October 2014 20:26

ආණ්‌ඩුව විසින් ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කොට ඇති ජනාධිපතිවරණය මාර්තු මාසය දක්‌වා කල් දමන්නැයි ප්‍රබල ඇමැතිවරුන් ගණනාවක්‌ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට යන බව ආණ්‌ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශුද්ධෝත්තම දෙවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනවාරි මාසයට යෙදී ඇති බැවින් එම කාලය තුළ මැතිවරණයක්‌ පැවැත්වීම යෝග්‍ය නොවන බවද ඔව්හු පෙන්වා දෙති.

ඒ හැර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ප්‍රචාරක කටයුතු සඳහා අපේක්‍ෂකයන්ට සැලකිය යුතු කාලයක්‌ ලබාදිය යුතුව තිබේ. නොවැම්බර් 19 දා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කොට ජනවාරි 10 දා ඡන්දය පැවැත්වීමට තීරණය කළොත් නාමයෝජනා භාරගැනීමට වෙන් කරන දින 14 කාලසීමාව හැර ප්‍රචාරක කටයුතු සඳහා ලැබෙන්නේ දින 38 කි.

මේ අතර, ජනාධිපති ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා 'සිළුමිණ' පුවත්පතට පවසා ඇත්තේ, ජනවාරි මාසයේ පාප්තුමාගේ සංචාරයට කලින් ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවක් තමන් නොදන්නා බවයි.

කෙසේ වුව ද 2015 අප්‍රේල් මාසයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට තමා කලින් සිළුමිණ පුවත්පතෙන් කළ අනාවැකිය සත්‍යයක් වනු ඇතැයි පවසන අබේගුණවර්ධන මහතා, ලබන වසරේ පැවැත්වෙන එම ජනාධිපතිවරණයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා ඒකාන්තයෙන් ම ජයග්‍රහණය හිමිකරගනු ඇතැයි අවධාරණය කර සිටියි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us