නමට අපහාස කළාට ලන්සා රංජන්ගෙන් කෝටි 100 ක් ඉල්ලයි

Published in පුවත්
Monday, 06 October 2014 09:30
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගෙන් රුපියල් කෝටි 100 ක‌ වන්දි ඉල්ලා බස්‌නාහිර පළාත් සභා ඇමැති නිමල් ලාන්සා නඩු පවරා තිබේ.
තම දේශපාලන චරිතයට, කීර්තිනාමයට අපහාසයක්‌ වන අයුරින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අසත්‍ය ප්‍රකාශ කර ඇති බවසා ඔහු මෙලෙස නඩු පවරා තිබේ.
 
පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතා එලෙස පැවසුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක්‌ 5 දා කැඳවමිනි. මෙම පුවත්පත් සාකච්ඡාව මීගමුව නගරාධිපති නිල කාමරයේදී පැවැත්විණි.
 
නිමල් ලාන්සා මහතා විසින් රංජන් රාමනායක මහතාට එරෙහිව මීගමුව දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ අංකය - එම්/1495/14 යි.
 
මෙම පුවත්පත් සාකච්ඡාවේදී ලාන්සා මහතා මෙසේ පැවැසීය. මෙම නඩුව 2014 දෙසැම්බර් මස 15 වැනිදා අධිකරණය හමුවේ කැඳවනවා. එම නඩු විභාගයට මුහුණුදීමට පැමිණෙන රංජන් රාමනායක මහතාව පිළිගැනීමට මීගමුව ජනතාව ඉතා ආදරයෙන් සමාදරයෙන් බලාගෙන සිටිනවා. 
 
රංජන් රාමනායක මහතාට බොරුවට ගුටිකන එක බොරුවට පහර දෙන එක, බොරු කීම හොඳට හුරුයි. එය ඔහුගේ නළු වෘත්තියේ අංගයක්‌. එහෙත් ඔහු දේශපාලනයේදී ප්‍රති විරුද්ධ දේශපාලනඥයන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීම නොකළ යුතුයි. ඔහුගේ චෝදනා සත්‍යනම් අධිකරණය හමුවට පැමිණ ඒවා ඔප්පුකොට මහජනයාට පැහැදිලි කර දෙන ලෙසට ඉල්ලා සිටිනවා.
 
මම මීගමුව පුරපති පදවිය දරන කාලයේ ජනතා සේවයට කැපවුණේ දිනපතා අලුයම 3 1/2 ටයි. අලුයම 5 වන විට නගරයේ හැමතැනකම ඇවිද්දා. මීගමුව නගරයේ තිබූ කුණුකඳු සියල්ල නගරයෙන් අතුරුදන්කර නගරය ලස්‌සන නගරයක්‌ බවට පත්කළා.
 
රංජන් රාමනායක මහතා රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කර දිනාගත්තත් ඔහු රත්නපුර දිස්‌ත්‍රික්‌කයට කළ සේවයක්‌ නොමැති නිසා ඔහු සොයාදෙන කෙනකුට තෑගි දෙනවා කියා රත්නපුරයේ පෝස්‌ටර් පවා අලවා තිබෙනවා. මා ඔහුට එරෙහිව පවරා ඇති අපහාස නඩුවට අමතරව මා රංජන් රාමනායක මහතාට විවෘත අභියෝගයක්‌ කරනවා. 
 
ඔහු එදා තරගකර රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා එක ඡන්දයක්‌ හෝ ඔහු නැවත රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කොට ලබා ගන්නේ නම් මා දේශපාලනයෙන් සදහටම ඉල්ලා අස්‌වීමට සූදානම් යෑයි ද කීහ.
 
 
මූලාශ්‍රය දිවයින
 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us