මැතිවරණ අය-වැය 24දා පාර්ලිමේන්තුවට

Published in පුවත්
Wednesday, 08 October 2014 10:43

2015 වසරට අදාළ අය වැය ලේඛණය මේ මස 24 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව, අය වැය දෙවන වර කියවීමේ විවාදය මේ මස 25 වන දා ආරම්භ වී 30 වන දා දක්වා දින 5ක් පැවැත්වෙන අතර දෙවන වර ජන්ද විමසීම 30 වන දා පස්වරුවේ පැවැත්වෙනු ඇත. අය වැය කාරක සභා අවස්ථා විවාදය 31 වන දා ආරම්භ වී දින 15ක් පැවැත්වෙනවා. අය වැය තුන්වන වර කියවීමේ ජන්ද විමසීම නොවැම්බර් මස 18 වන දා පස්වරුවේ පැවැත්වෙනු ඇත.
 
කෙසේ වෙතත් ලබන වසර මුලදී ජාතික මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බැවින් මෙම අය වැය මැතිවරණ අයවැයක් වනු ඇතැයි දේශපාලන විචාරකයන් මත පළ කරති.
 
 2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා අගමැති දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ලබන වසර වෙනුවෙන් රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙන මුදල 2014 වසරට සාපේක්ෂව 17%න් පමණ ඉහළ දමා ඇත.
 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us