අලි ජාවාරමට ඇමැති නිත්‍යානුකූල පාරක් හදයි

Published in පුවත්
Thursday, 09 October 2014 11:26
ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් අල්ලා ගන්නා ලද අලි පැටවුන් කිසිදු නීතානූකූල භාවයකින් තොරව රඳවාගෙන සිටින පුද්ගලයන් සඳහා සැලකිය යුතු දඩ මුදලක් නියම කරමින් එම සතුන් දැඩි කිරීමේ හැකියාව සහ සුදුසුකම් ඇති පුද්ගලයන්ට එම සතුන්ව ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව වනජීවී සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
 ගෘහස්ථ හීලෑ අලි පැටවුන් නැවත කැලයට මුදා හැරීම ප්‍රායෝගික නොවන දෙයක් වන අතර එම පැටවුන් අනතුරුවලට ලක්වීමේ අවදානමක් ඇති බව ඔහු පවසයි.
 
අලි පැටවුන් කැලයෙන් අල්ලා විකිණීමේ ජාවාරම නැවැත්වීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව  අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
 
අලි පැටවකු කැලයෙන් අල්ලා අලෙවි කරන්නේ කෝටි 1 1/2කට වන අතර අලි පැටවුන් අල්ලා විකිණීමට සංවිධානාත්මක කල්ලි කිහිපයක් තිබෙන බවත් ඇමැතිවරයා කීය.
 
කෙසේ නමුත් ඇමැතිවරයා මෙවැනි පියවරක් ගෙන ඇත්තේ, අලි ජාවාරමේ ප්‍රධානින් කිහිප දෙනෙකු එම දෙපාර්තමේන්තුවල ඉහළ නිලයන් දරමින් දූෂීත ගණුදෙනුවලට හවුල්ව ඇති බැවින් ඔවුන්ව මට්‍ටු කිරීම සඳහා යැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 
 
ඇතැම් නිළධාරියකු කෙළින්ම දෙශපාලන අධිකාරියේ ඉහළම තැනක් හා සම්බන්ධ බැවින් අලි ජාවාරම මැඩලීම ඇමැතිවරයාට සිදු කළ නොහැකිව එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us