මිනිස්සු නොහදා, පාරවල් හදලා වැඩක් නැහැ - ජනක බණ්ඩාර

Published in පුවත්
Monday, 13 October 2014 20:50

''පාරවල් හදලා ගොඩනැගිලි හදලා බැහැ. මිනිස්සු හදන්න ඕනි.  මිනිස්සු හැදුවේ නැතිනම් අපි මේ මොනවා දුන්නත් වැඩක් නැහැ. මිනිස්සුන්ට අපි ආදරය කරන්න ඕන. අද දරු පරපුර සමාජ අසාධාරණකම්වලින් මුදා ගැනීමට නම් සමාජයේ සෑම තරාතිරකම පවුලකම ජීවත්වන දරුවන් අපේ දරුවෝ කියන හැඟීමෙන් යුක්තව  කටයුතු කළ යුතුයි.'' යැයි පසුගියදා දඹුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසිය.

ආණ්ඩුව සංවර්ධනය සංවර්ධනය යැයි ප්‍රකාශ කරමින් ගොඩනැගිලි හා පාරවල් ඉදිකළත් ඇත්ත සංවර්ධනයක් සිදු වී නොමැති බව ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරයකු වන ජනක බණ්ඩාර ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ බරපතල විරසකයකින් සිටින ජනක බණ්ඩාර අමාත්‍යවරයා මේ වන විට ප්‍රසිද්ධියේ රාජපක්ෂ පාලනය විවේචනය කරන පිරිසේ පෙරමුණේ සිටින්නෙකි. 

රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව මේ වනවිට සන්ධානය අභ්‍යන්තරයෙන්ම බරපතල බෙදීමක් නිර්මාණය වී තිබෙන අතර එහි පෙරමුණේ ජනක බණ්ඩාර ඇමතිවරයාද ඇතුළුව ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සිටින බවත්  වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us