සබරගමුව: ආණ්ඩුවේ එළඹුම භයානකයි

Published in පුවත්
Tuesday, 14 October 2014 09:43

සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසකට සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ගුරු වෘත්තීය සමිතිද ශිෂ්‍යයන් ගේ සත්‍යග්‍රහයට එක් වී සිටියහ.

නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ සති හයකට ආසන්න කාලයක් සත්‍යග්‍රහයක යෙදී සිටින අතර, සෙනසුරාදා රාත්‍රියේ ඔවුන්ට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරය හේතුවෙන් සිසුන් සත්‍යග්‍රහයේ යෙදී සිටි අට්ටාලය 'සුනු විසුනු වී' තිබුණු බව සඳුදා සත්‍යග්‍රහයට සහභාගි වූ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින්  පැවසීය.


ඉරිදා රාත්‍රියේ ශිෂ්‍යයන්ගේ නිවාසවලට ගොස් සිසුන් 13 දෙනකු අත්අඩංගුවට ගත පොලිසිය, 'ඇසින් දුටු සාක්ෂි තිබියදී' ප්‍රහාරකයන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති බවට ඔහු පොලිසියට චෝදනා කළේය.

"මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල තත්වයක්," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අධ්‍යාපන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ආකාරය මේ ප්‍රහාරය මගින් පිළිබිඹු වන බව සබරගමුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය නිකුත් කොට තිබෙන්නේ සංගමයේ සභාපති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ අත්සනිනි.


"මේ එළඹුම හරිම භයානක එකක්. ඒ වගේම මේ එළඹුම ඉතාම ව්‍යසනකාරී එකක්. දරුවන්ගේ, ගුරුවරුන්ගේ, පරිපාලකයන්ගේ මේ සියලු දෙනාගේ ශාස්ත්‍රීය ජීවිත අවුලෙන් අවුලට පත් කරන ප්‍රවේශයක් මේ," යනුවෙන් ඔහු  කියා සිටියේය.

ශිෂ්‍ය ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගැටලුව තවත් දුර දිග යාමට ඉඩ තිබෙන බවටද ආචාර්ය සුනිල් සෙනවි මහතා අනතුරු ඇඟවීය.

විශේෂයෙන්ම ශිෂ්‍ය ගැටළු විසඳීම උදෙසා උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා දක්වන්නේ "ඉතාම නොදියුණු, අව්‍යක්ත" ප්‍රවේශයක් බව පැවසූ ඔහු, සබරගමුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය එය හෙලා දකින බවත්  කියා සිටියේය.

"අට්ටාලවල සිටින සිසුන්ට සලකන ආකාරය දන්නා," බව අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සත්‍යග්‍රහයේ යෙදුනු ශිෂ්‍යයන්ට ප්‍රහාරයක් එල්ල වීම බරපතල සැකයක් මතු කරන්නක් බවද ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

මේ වන විට ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනකු හඳුනාගෙන ඇති බව  කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව සැලකෙන බැවින් අත්අඩංගුවට ගැනීමට තවමත් හැකියාවක් නොලැබුන බවද පවසයි.

(බිබිසි සංදේශය)

unnamed1

unnamed2

unnamed4

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us