'රනිල්ට ඉල්ලන්න තවම අනුමැතියක් නෑ' - රවී

Published in පුවත්
Tuesday, 14 October 2014 10:45

ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න තවමත් සාකච්ඡා කරන බවත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් එජාප උප නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. 

''ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණකදී එජාපයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන්නවාද නැත්නම් පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණයක් අරගෙන තිබෙනවාද? ''කියා 'ඒෂියන් මිරර්' වෙබ් අඩවිය කල විමසීමකදී මන්ත්‍රීවරයා එබව සඳහන් කර ඇත.  

''අපි ඒ පිළිබඳ තවම කිසිදු තීරණයක් අරගෙන නෑ. තාම පක්ෂයේ සියලු දෙනා සමඟ කතා කරමින් යනවා. ඒ ගැන දැනට කියන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටද තවම තීරණයක් ගෙන නැහැ. මොකද විවිධ මත ඉදිරිපත් වුණ නිසා සාකච්ඡා කර තීරණයක් ගන්නවා.'' යයි ද කරුණානායක මහතා වැඩිදුරටත් පවසා ඇත. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us