‘රාවනා බලය හිමිවරු මාධ්‍ය සංදර්ශනයක’

Published in පුවත්
Friday, 17 October 2014 09:47

මාධ්‍ය කණ්ඩායම් සමග රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් සමහර ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වන්නේ ප්‍රචාරයක් ලබා ගෙන ප්‍රසිද්ධ වීමට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා පවසයි.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මාධ්‍ය කණ්ඩායම් සමග විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ඇතුළු වූ රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු පිරිසක් ඉදිරියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා එසේ පැවසූවේ දෙපිරිස අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් අතරයි.


ප්‍රසිද්ධ වීමේ ආශාව


විදේශගත ශ්‍රී ලාංකික ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසමින් 'රාවණා බලය' සංවිධානයේ භික්ෂූන් පිරිසක් මාධ්‍යවේදීන් කණ්ඩායමක්ද සමගින් බත්තරමුල්ල පිහිටි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ඊයේ උදෑසන හිටිඅඩියේ ඇතුළු වූහ.

එම අවස්ථාවේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා වෙනත් රාජකාරි කටයුත්තකට පිටත්ව යාමට සුදානම් වෙමින්  සිටියේය. 

සභාපතිවරයා 'රාවනා බලය'  භික්ෂූන්ට දන්වා ඇත්තේ අදාළ ප්‍රශ්නය පිළිබඳ සැබෑ වුවමනාවකින් සාකච්ඡා කළ යුතු නම් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන විධිමත් ලෙස සාකච්ඡාවට පැමිණිය යුතු බවයි.

ඒ අතරම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා' රාවනා බලය' සංවිධානයට චෝදනා කළේ මාධ්‍ය කණ්ඩායම් සමග රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වන්නේ මාධ්‍ය ප්‍රචාරය ලබා ගෙන ප්‍රසිද්ධ වීමට බවයි.


වචන හුවමාරුවක්


එම චෝදනාව 'රාවනා බලය' සංවිධානය ප්‍රතික්ෂේප කළ අතර එම සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා අතර එම අවස්ථාවේ උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර 'රාවනා බලය' සංවිධානයෙන් ඉල්ලා සිටියේ විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි.

පසුව සභාපතිවරයා සිය නිල කාර්යාලයෙන් පිටව ගිය අතර 'රාවනා බලය' සාමාජිකයොත් එම ස්ථානයෙන් පිටව ගියහ.

'රාවනා  බලය' සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයාට පැමිණිලි කරන බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us