'රාජපක්‍ෂලාට ෆොන්සේකා භීතිකාවක්'

Published in පුවත්
Saturday, 18 October 2014 10:46

ජනාධිපතිවරණය පෙනි පෙනී සිය ඡන්ද අයිතිය අහිමි කිරීමෙන් පෙනී යන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට යළිත් වරක්‌ "ෆොන්සේකා භීතිකාව" වැළඳී ඇති බව යෑයි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.



සරත් ෆොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාමලේඛනයෙන් ඉවත් කර ඇති බවට මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් දැනුම් දීම සම්බන්ධයෙන් සිය ස්‌ථාවරය පැහැදිලි කිරීම සඳහා ඊයේ (17 දා) එම පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ෆොන්සේකා මහතා මෙසේ ද කීවේය.

මේ රටේ පාලකයා ජනාධිපතිවරණයකට යැමේ පෙරහුරුවක්‌ ලෙස තමයි මගේ ඡන්ද අයිතිය අහිමි කර ජනාධිපතිවරණයට මා ඉදිරිපත්වීම වැළැක්‌වූයේ. මා අභියෝග කරනවා ජනාධිපතිවරයාට පුළුවන් නම් ස්‌වාධීන ඡන්දයක්‌ පවත්වලා මා සමඟ තරගයට පැමිණ දිනලා පෙන්වන්න කියා.

2013 ඡන්ද ලැයිස්‌තුවේ මගේ නම තිබුණා. 2014 ඡන්ද ලැයිස්‌තුවෙත් මගේ නම ඇතුළත් කර තිබුණා. 2013 ඡන්ද ලැයිස්‌තුවේ මගේ නම ඇතුළත් බව මට දැනුම් දුන්නෙත් මැතිවරණ කොමසාරිස්‌වරයාමයි. ඔහු මට ව්‍යවස්‌ථාව පෙන්වලා මට කිව්වා යමෙක්‌ සිරගත කර වසර දෙකක්‌ සම්පූර්ණ සිර දඬුවම විඳීමෙන් පමණයි ඡන්ද අයිතිය අහිමි වෙන්නේ කියා. මට මහාධිකරණය මගින් මාස තිහක සිර දඬුවමක්‌ නියම කළත් මාස 20 කදී මේ රටේ පාලකයා මාව එළියට දැම්මා. ඒ අනුව මගේ ඡන්ද අයිතිය අහිමි වන්නේ නැහැ.

එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ මත මගේ ඡන්ද අයිතිය අහිමි කළ බව පෙරේදා (16 දා) මැතිවරණ කොමසාරිස්‌වරයා මාගේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. 


තමාගේ බලය පාවිච්චි කරන්න දන්නේ නැති, ගන්න වැටුපට සේවයක්‌ නොකරන, පඹයෙක්‌ වගේ හැසිරෙන මැතිවරණ කොමසාරිස්‌වරයා අම්බලන්ගොඩ කෙනෙක්‌ කියන්නවත් මම කැමැති නැහැ.

කෙසේ වෙතත් පාලකයන්ගේ මේ මර්දනය හමුවේ අපි පසුබසින්නේ නැහැ. මට වඩා ඡන්ද ගන්න පුළුවන් චරිත අපේ පක්‍ෂයේ තව ඉන්නවා. අපිට අවශ්‍ය වුණොත් ජනාධිපතිවරණයට අපේ පක්‍ෂයෙන් එවැනි අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කරනවා. කෙසේ නමුත් තවම අපි තීරණය කර නැහැ ජනාධිපතිවරණයේදී කුමන තීරණයක්‌ද ගන්නේ කියලා. මේ පාලකයා එලවන්න අපි සෑම ක්‍රියාමාර්ගයක්‌ම ගන්නවා. ඒ සඳහා ඕනෑම කැපකිරීමක්‌ කරනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us