ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙහිදී ලංකාවට පදක්කම් තුනක්

Published in පුවත්
Monday, 20 October 2014 10:32
දකුණු කොරියාවේ ඉංචියොන්හී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය.
දණ හිසෙන් පහළ පාදයක් අහිමි ක්‍රීඩකයන්ගේ දුර පැනීමේ (T42) ඉසව්වේදී ප්‍රසන්න ජයලත් මීටර් 5.05ක දක්ෂතාවකින් රිදී පදක්කම දිනාගත් අතර දණහිසෙන් පහළ පාදයක් අහිමි (T44) ඉසව්වේදී දුමීර මධුරංග මීටර් 5.58ක දක්ෂතාවකින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. 
 
එය ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තාවක් ලෙසද සටහන් විය. අතේ මැණික් කටුවට ඉහළින් ආබාධිතවු (T47) ක්‍රීඩිකාවන් අතර මීටර් 200 තරගයේදී තත්පර 28.77කින් තරගය නිමකළ අමා පල්ලියගුරු ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.
 
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ රෝද පුටු ටෙනිස් තරගවලදී ගාමිණී දිසානායක 2-0කින් පාකිස්තානයේ අතාෆ් රහ්මාන් පරාජය කළද මූලික වටයේ දෙවැනි තරගයේදී ජපානයේ කුනාඩා සින්ගෝ වෙතින් පරාජයට පත්විය.
 
රෝද පුටු ටෙනිස් තරගයකට එක්වු උපාලි රාජකරුණා 2-1ක් ලෙස මැලේසියාවේ ෆාහිම් අරීෆ් හමුවේ පරාජයට පත්විය. දණ හිසෙන් පහළ පාදයක් අහිමි (S10) ක්‍රීඩකයන් අතර මීටර් 50 නිදහස් ආර පිහිනුම් තරගයේදී ජනක කපුවන්ගෙදර තත්පර 28.80කින් හත්වැනි ස්ථානයට පත්විය.
 
එහි රන් පදක්කම තත්පර 25.33කින් චීනයේ ලින් ෆොරොන්ග් දිනාගත්තේය. වැලමිටෙන් පහළ අතක් අහිමි ටේබල් ටෙනිස් ක්‍රීඩකයන් අතර පිරිමි ඒකළ මුලික වටයේ මුල්ම තරගයේදී දිනේෂ් සිල්වා 2-1කින් තායිපේ හී ලියාඩ් පරාජය කළ අතර දෙවැනි තරගයේදී ඩ්ම් රාජෙස් 3-0කින් පරදවා ඉදිරියට පැමිණියේය. 
 
මැණික් කටුවෙන් පහළ අතක් අහිමි ක්‍රීඩකයන් අතර පිරිමි ඒකළ මුලික වටයේ තරගයකදී සමන් විජයලත් 3-0කින් මැලේසියානු ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්විය. එම වටයේ තවත් තරගයකදී අතුල ජයසිංහ 3-0කින් ඉන්දුනිසියානු ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්විය.
 
ආසියාන පැරා ක්‍රීඩා උළෙල මේ මස 24වැනිදා දක්වා පැවැත්වෙයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us