'කොටි තහනම ඉවත් කිරීමේ වාසිය කේපී ට' - මංගල Featured

Published in පුවත්
Wednesday, 22 October 2014 08:57

තමා විදේශ අමාත්‍ය පදවිය දැරූ සමයේ දියත් කළ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් එල්ටීටීඊ ය තහනම් කෙරුණු බව පවසන මංගල සමරවීර මන්ත්‍රීවරයා, එම තහනම ඉවත් කිරීමේ වාසිය හිමිවන්නේත් ආණ්ඩුවේම හිතවතුන්ට බවට චෝදනා කරයි.



එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභික සමරවීර මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, යුරෝපා සංගමය එල්ටීටීඊ ය තහනම් කළ ආකාරය දෝෂ සහගත බවට යුරෝපා අධිකරණය ලබා දී තිබෙන තීන්දුව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි. 

විශේෂයෙන්ම වේලුපිල්ලේ ප්‍රභාකරන් ගෙන් අනතුරුව එල්ටීටීඊ යේ නායකත්වයට පත් වූ කුමාරන් පද්මනාදන් එල්ටීටීඊ යේ වත්කම්වලට හිමිකම් කිව හැකි ජීවතුන් අතර සිටින එකම ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ නායකයා බව සමරවීර මන්ත්‍රීවරයා සඳහන් කරයි.

"එතකොට මේ කොටි තහනම ඉවත් කිරීමේ වාසිය ලැබෙන්නේ කේපී ට. එතකොට අද කේපී කියන්නේ රාජපක්ෂ රෙජීමයේ ඔඩොක්කුවේ ඉන්න සුරතලෙක්," යනුවෙන්ද ඔහු කියා සිටියි.



'ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්?'



2005 තමා විදේශ ඇමතිවරයා වශයෙන් පත්වන විට එල්ටීටීඊ සංවිධානයේ ශක්තිමත්ම මූල්‍යමය සහ ව්‍යාපාරික ජාලය පවත්වාගෙන ගියේ යුරෝපීය රටවල් කිහිපයක් තුළ බව පෙන්වා දෙන මංගල සමරවීර මන්ත්‍රීවරයා එය ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිවරයා විසින් එල්ටීටීඊ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදයේ සහ මහා බ්‍රිතාන්‍යයේත් තහනමට ලක්කිරීමේ ප්‍රතිඵලයක් බවත් සඳහන් කරයි.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් 25න් රටවල් 18 ක්ම තහනමට එකඟ වුවත්, අනෙක් රටවල් 7 එකඟ කරගැනීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබාගැනීමට හැකි වූ බවත් ඔහු සිහිපත් කරයි.

2006 මැයි 29 වෙනි දින යුරෝපා සංගමය විසින් එල්ටීටීඊ ය තහනම් කිරීමත් සමඟම එල්ටීටීඊ සංවිධානය සතු සියලූම වත්කම්, ව්‍යාපාර සහ බැංකු ගිණුම් තහනම් කෙරුණු බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ ලබාගත් තහනම තවදුරටත් පවත්වාගෙන යෑමට ආණ්ඩුවට නොහැකිවීම 'විශ්මයට කරුණක්' බව පවසන සමරවීර මන්ත්‍රීවරයා, තහනම ඉවත්කිරීමට එරෙහිව තානාපතිවරයා දිවුරුම් ප්‍රකාශයක්වත් ඉදිරිපත් නොකළේ 'සැලසුම්ගත කුමන්ත්‍රණයක්' නිසාදැයි ප්‍රශ්න කරයි.

එබැවින් යුරෝපයේ එල්ටීටීඊ තහනම ඉවත්කිරීමට කටයුතු කළ බවට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us