පවිත්‍රා ගේ චෝදනාවට චම්පික පිළිතුරු දෙයි

Published in පුවත්
Friday, 24 October 2014 20:34

ගල් අඟුරු බෑම හා අනිකුත් සෑම දෙයක්ම සිදුකළේ නීතිපතිවරයා දුන් උපදෙස් අනූව බවත්, යම් අකටයුත්තක් වී ඇත්නම් නම් වහාම පරීක්ෂණ කළ යුතු බවත්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විදුලිබල හා බලශක්ති ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි විසින් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී 2012 වසරේ ගල් අඟුරු ආනයනයේදී රුපියල් මිලියන 1507 ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට සිදුකළ ප‍්‍රකාශයට පිළිතුරු ලබාදීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


අදාළ අක‍්‍රමිකතාවලට සම්බන්ධ වූ නිලධාරින්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගත යුතු බව ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදිය යුතු බව ද සඳහන් කළේය.

මේ රටේ සිදුවන්නේ නැත්තේ දඬුවම් දීම පමණක් බවත් මෙවැනි ගනුදෙනුවක් මතක් වී ඇත්තේ අවුරුදු 2ට පසුව බවත් හෙතෙම කියා සිටියේය.

ලංකාවේ ගල් අඟුරු මාෆියාවක් පවතින බවත්, 2012 වර්ෂයේ සිට කිසිම නිල ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලංකාවට ගල් අඟුරු ගෙන එන බවත්, මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් සිදුකර මෙම ජාවාරම පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්ද යන්න රටට හෙළිකළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us