සාදු ! සාදු !! සාදු!!! - මංගල හිමිගේ දේශනාව අහන්න (වීඩියෝ) Featured

Published in පුවත්
Saturday, 25 October 2014 09:36

මඩකලපුවේ මංගලාරාම විහාරස්‌ථානයේ බුදු මැදුරේ විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට එහි විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අසභ්‍ය වචනයෙන් බැන වැඳුන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයට මුදාහැර ඇත. 

කෙසේවුවුවද, විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් 'දිවයින' පුවත්පතට පවසා ඇත්තේ, මඩකලපුවේ තිබෙන එකම බෞද්ධ විහාරස්‌ථානය වන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ බුදු මැදුරේ මීට ඉහත දින දෙකකදී නිසි පරිදි විදුලි බිල් ගෙවා තිබියදී විදුලිය විසන්ධි කළ විදුලිබල මණ්‌ඩලයේ කොළඹින් පැමිණි නිලධාරීන් පිරිසක්‌ යෑයි කියා ගන්නා පිරිසක්‌ 23 වැනිදා දහවල් මංගලාරාම විහාරස්‌ථානයට පැමිණ  තමන් වහන්සේට ඉතා අසභ්‍ය ලෙස බැණ වදිමින් මුළු විහාරස්‌ථානයේම විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළ බවයි. 


''විහාරස්‌ථානයේ බුද්ධ මන්දිරයට, ආවාස ගේ ඇතුළු ස්‌ථාන සඳහා විදුලි මීටර් 04 ක්‌ සවිකර තිබෙනවා බොහෝ කලකින් පසු බුද්ධ මන්දිරයේ සිතුවම් නැවත අඳිමින් ප්‍රතිසංස්‌කරණ කටයුතු කරන නිසා එම ස්‌ථානයේ විදුලි රැහන් පද්ධතිය ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ගලවා තිබෙන බැවින් එම සිතුවම් අඳින ශිල්පීන් ඇතුළු පිරිස තාවකාලික ලෙස වයර් ඇද අවශ්‍ය මොහොතට විදුලිය ලබා ගන්නවා.

 17 වැනිදා විදුලිබල මණ්‌ඩලයේ කොළඹින් පැමිණි පිරිසක්‌ යෑයි කියා ගන්නා පිරිසක්‌ විදුලිය හොරෙන් ගන්නවා යයි පවසමින් බුද්ධ මන්දිරයේ විදුලිය විසන්ධි කර එහි තිබු වයර් සියල්ලම රැගෙන ගොස්‌ තිබුණා. නැවතත් 20 වැනි දිනද එම පිරිස පැමිණ එම ආකාරයෙන්ම බුද්ධ මන්දිරයේ තිබුණ විදුලි

රැහැන් රැගෙන ගොස්‌ තිබුණා. මා අවස්‌ථා දෙකේදීම විහාරස්‌ථානයේ සිටියේ නැහැ ''යෑයිද මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ 'දිවයිනට' පවසා ඇත.

සුමනරතන හිමියෝ මෙසේද පවසති. 


''විදුලි බිල් සියල්ල නිසි පරිදි ගෙවා තිබියදී පන්සලේ විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළ විට මා එයට ඉඩ දුන්නේ නැහැ. මාහට අසභ්‍ය වචනයෙන් බැණ වැදී සිදුකළ චෝදනාව නැවතත් ඉල්ලා අස්‌කර ගන්නා ලෙස පැවසූ විට එම නිලධාරියා එම පැවසූ දේ ඉවත් කර ගන්නා බව පවසමින් සමාව ගත්තා. මේ සිද්ධිය ගැන සොයා බලන ලෙස ජනාධිපතිතුමාගෙන් හා විදුලිබල ඇමැතිනියගෙන් ඉල්ලා සිටිනවා.''

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us