ඉබෝලා ආසාධිතයින් 10000 ත් ඉක්මවයි

Published in පුවත්
Sunday, 26 October 2014 11:18
ඉබෝලා මෙම සියවසේ දරුණුම ව්‍යවසනයයි. ලොව පුරා ඉබෝලා ආසාධිතයන් පිරිස 10,000 ඉක්මවා ඇති බවත්, ඉබෝලා මරණ සංඛයාව 4,922ක් ලෙස පන්දහසකට ආසන්න වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙයි.
 මේ අතර, ඉබෝලා වසංගතයට ගොදුරු වූ නවතම රට ලෙස මාලි රාජ්‍යයද පත්ව ඇති අතර, වයස අවුරුදු දෙකක දැරියක් ඉබෝලා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙම අවදානම ඇති වී තිබේ.
 
එම දැරිය සමග පුද්ගලයන් 40ක් පමණ ඇසුරු කර හෝ ආසන්නයට ගොස් ඇති බැවින් ඔවුන්ද මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට යොමුකොට ඇති බව කියැවෙයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ඉබෝලා වසංගතය දරුණුතම රට ලෙස ලයිබීරියාව සැලකෙයි. එරට ඉබෝලා හේතුවෙන් සිදුව ඇති මරණ සංඛයාව 2,705 කි. එමෙන්ම, සියෙරා ලියෝන් හි මරණ 1,281ක් හා ගිනියාවේ මරණ 926ක් වාර්තා වෙයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us