කුමාර් මහත්තයා හෙට අත්අඩංගුවට ගනියිද? Featured

Published in පුවත්
Monday, 27 October 2014 07:48

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා හෙට (28) දිවයිනට යලි පැමිණීමට නියමිතව තිබේ.

ඔහු යළි ලංකාවට පැමිණීමේදී භාවිතා කරන නම නොයෙල් මුදලිගේ නැමැති අන්වර්ථ නාමයම බව ආගමන විගමන අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටී.

කෙසේවෙතත් පසුගියදා පුවත්පත් වෙබ් අඩවි වාර්තා කර සිටියේ කුමාර් ගුණරත්නම්ට ලංකාවට ඒම තහනම් වන ලෙස ඔහු අසාදු ලේඛනගත කොට ඇති බවත්ය. ආරක්ෂක අංශයන් ඔහු පිළිබද දැඩි විමසිල්ලකින් පසුවන බවත්ය.

අප වෙත වාර්තා වන පරිදි කුමාර් ගුණරත්නම් දිවයිනට පැමිණි වහාම ඔහුව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබේ. ලංකාවේ ඔහුට විරුද්ධව ඇති බරපතල ගණයේ චෝදනාවන් කිහිපයකට වැරදි කරු ලෙස ගුවන්තොටු‍පොලේදීම අත්අඩංගුවට ගැනීමට හැකි බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කුමාර් ගුණරත්නම් මීට වර්ෂ දෙකකට පෙර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමාරම්භක උළෙලට ආසන්නයේදී පැහැරගැනීමට ලක්වූ අතර ඔහුට සමගාමීව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දිමුතු ආටිගලද පැහැරගැනීමට ලක්විය.

මෙවැනි තත්වයක් යටතේ යළිත් වරක් කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණෙන්නේ කෙසේද යන්න පක්ෂ අභන්තරයේ පවා දැඩි කතා බහට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වාමවාදී පක්ෂයක හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු පවසා සිටියේ පෙරටුගාමී පක්ෂය හා ආණ්ඩුව අතර ඇති කරගත් කිසියම් එකඟතාවයක් මත ගුණරත්නම්ගේ ආගමනය සිදුවන්නක් විය හැකි බවට සැක පළ කරන බවය. නමුත් ගුණරත්නම්ගේ පැමිණීම ආණ්ඩුවට වාසිදායක වන්නේ කෙසේදැයි පැහැදිලි නැත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us