පාසල් දැරිය අපහරණයට පුංචි අම්මාවරුන්ගේ සහාය

Published in පුවත්
Monday, 27 October 2014 10:12

අතුරුගිරිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක පැහැරගෙන ගොස් අපහරණය කළ ඇයගේ ඥාති තරුණයකුට සහාය වී ඇති බව කියන ඇගේ පුංචි අම්මාවරුන් දෙදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත්කොට අද (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

පළමු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිට ඇපමත නිදහස ලැබ එළියට පැමිණීමෙන් පසු සිද්ධියට මැදිවූ දැරියගේ පියාට දුරකතනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් මත හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර යළි රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෑතදී යළි ඇපමත නිදහස් වී පැමිණ ඇති බව පොලිසිය පැවැසීය.


එම සැකකරුගෙන් දැරිය ආරක්ෂා කර ගැනීම සඳහා ඇය මවුපියන් විසින් දැඩි රැකවරණ මත පාසල් වෑන් රියකින් පාසල් යවා තිබේ.

කෙසේවෙතත් සිද්ධියට මැදිවූ දැරිය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කොට පරිවාස භාරයට පත්කොට ඇති අතර ඇය අධිකරණයේ අවසරය ලබාගෙන වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරයි

 

මූලාශ්‍රය මව්බිම

unnamed 10

Last modified on Monday, 27 October 2014 10:23

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us