සම්බාහන මධ්‍යස්ථාන විධිමත් කිරීමට නීති

Published in පුවත්
Wednesday, 29 October 2014 11:32

රටපුරා පවත්වාගෙන යන 3000කට අධික සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමට අවශ්‍ය නීති ළඟදීම ඉදිරිපත් කරන බව දේශිය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(28) ප්‍රකාශ කළේය.

තම දෙපාර්තමේන්තුවේ බලය මත ක්‍රියාත්මක වන සම්බාහන මධ්‍යස්ථාන 60ක් පමණ ක්‍රියාත්මක වන බවත් ඒවායේ කටයුතු සොයා බැලීමට හැකියාව ඇතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ව්‍යාපාරය ලෙස බලපත්‍රය ලබා දී ඇති සම්බාහන මධ්‍යස්ථාන ගැන සොයා බැලීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සඳහා ආයුර්වේද පනතට සංශෝධන ගෙනවිත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියාමන බලතල පවරන බවද ඇමැතිවරයා කීය.


අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි පී . හැරිසන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කී ඇමැති දිසානායක මහතා පැවසුවේ සම්බාහන මධ්‍යස්ථාන මඟින් සිදුකරන අපචාර ක්‍රියා නතර කර විධිමත් පරිදි මේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට පියවර ගන්නා බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us