ගුරු-විදුහල්පතිවරු නිසි වැටුප් ඉල්ලා ගාල්ලේදී උද්ඝෝෂණයක

Published in පුවත්
Thursday, 30 October 2014 11:18

නව ගුරු සේවා සහ විදුහල්පති සේවා ව්‍යවස්ථා මඟින් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට 2008 වසරේදී ඔවුන් ප‍්‍රතික්ෂේප කළ වැටුපක් ලබාදීමටත්, අයවැයෙන් රාජ්‍ය සේවකයා ඉල්ලූ රුපියල් දස දහසක වැටුප් වැඩිවීම වෙනුවට සොච්චම් වැටුපක් ලබාදීමටත් එරෙහිව ඊයේ(29)දින ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් ගාල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය.

මෙහිදී නව ගුරු-විදුහල්පති සේවා ව්‍යවස්ථා මඟින් 2008 වසරේදී ගුරුවරු ප‍්‍රතික්ෂේප කළ වැටුපක් ලබාදී තිබීම පිළිබඳ විරෝධය පළ කළ උද්ඝෝෂණයේ නියුතු ගුරු-විදුහල්පතිවරු 2008 දී තමන් අරගලයක් තුළින් දිනාගත් අතුරු වැටුප් යෝජනාව 2014 වසරට ගළපා ලබාදෙන ලෙස රජයට බල කර සිටියහ.

එසේම ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සහ ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව 2008.08.01 දින සිට කි‍්‍රයාත්මක වුවද හිඟ වැටුප් ගෙවනු ලබන්නේ 2011.01.01 සිට බැවින් වසර දෙකක පමණ ගුරු-විදුහල්පතිවරුන්ගේ හිඟ වැටුප කොල්ලකා ඇති බවද උද්ඝෝෂණයේ නියුතු ගුරු-විදුහල්පතිවරු ප‍්‍රකාශ කර සිටියහ.

අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රු.15,000 ක් කරන බව පැවසූවද, එම අයවැයේම ජනාධිපතිවරයා සඳහන් කළ නව ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව මඟින් ගුරුවරයාට ලබාදී ඇති ආරම්භක වැටුප රු. 13410 ක් බවත්, ගුරුවරුයාගේ වැටුප මෙම නව සේවා ව්‍යවස්ථාව මඟින් රාජ්‍ය සේවයේ අවම වැටුපටත් වඩා පහළ දමා ඇති බවත් ඔවුහු පැවසීය. මෙය මුළුමනින්ම ගුරුසේවය හෑල්ලූ කිරීමක් බවද ගුරු-විදුහල්පතිවරු මෙහීද පෙන්වාදුනි.

එසේම මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයා ඉල්ලා සිටි රුපියල් දස දහසක වැටුප් වැඩිවීම වෙනුවට සොච්චමක් ලබාදී රාජ්‍ය සේවකයා රැුවටීම පිළිබඳව ද ඔවුහු සිය විරෝධය පළ කළහ.

විදුහල්පති සේවා ව්‍යවස්ථාව තුළ විදුහල්පතිවරුන්ට දැඩි පීඩාකාරී බාධාවන් ඇතුළත් කර තිබීම පිළිබඳව ද සිය විරෝධය පළ කළ ගුරු-විදුහල්පතිවරු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු විසඳන ලෙසත්, විභාගවල විශ්වසනීයත්වය රකින ලෙසත්, සිසුන්ට පීඩාකාරී නොවන ලෙස ඵලදායී අධ්‍යාපන කි‍්‍රයාවලියක් ඇති කරන ලෙසත් රජයට බලකර සිටියහ.

මෙම උද්ඝෝෂණයට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුවට අයත් ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, පොදු ගුරු වෘත්තිකයින්ගේ සංගමය, ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය යන ගුරු-විදුහල්පති සංගම්වල නියෝජිතයන් සහභාගි විය. එසේම ගුරු විදුහල්පතිවරුන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් වූ උද්ඝෝෂණ මාලාවේ තෙවැන්න මෙය බවත්, පසුගිය ඔක්තෝම්බර් 6 ගුරු දිනයේදී යාපනයේ පැවති උද්ඝෝෂණයෙන් මෙම උද්ඝෝෂණ මාලාව උතුරු පළාතෙන් ආරම්භ කළ බවත්, උතුරුමැද පළාත් උද්ඝෝෂණය පසුගිය 16 දින අනුරාධපුරයේදී පැවති බවත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කර සිටි අතර සියලූම පළාත්වල මෙලෙස උද්ඝෝෂණ පවත්වා ගුරු විදුහල්පති ගැටළු විසඳන ලෙස රජයට බල කිරීමෙන් අනතුරුව දැවැන්ත වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වන බව ප‍්‍රකාශ කළේය.

2

4

5

6

7

8

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us