පුස්තකාලයාධිපතිනියගේ කකුල කැපූවන් අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 04 November 2014 10:09
බලන්ගොඩ දෙහිගස්තලාව ප‍්‍රදේශයේ දී කාන්තාවකගේ (54) පාදයකින් කොටසක් කපා රැගෙන ගිය සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අද අළුයම අත්අඩංගුවට ගැනුණි. මෙම සැකකරුවන් එකම පවුලේ පියා සහ පුතා බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.
රැකියාවට ගොස් එද්දී වෙළඳසලක් ඉදිරිපිටදී ඇගේ කකුල කපා වෙන්කර ඇතැයිද ඇය බලන්ගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.මෙම අපරාධයට ලක්වු කාන්තාව බලන්ගොඩ නගර සභාවට අයත් පුස්තකාලයක පුස්තකාලාධිපතිනිය ලෙස සේවය කළ තැනැත්තියකි.
 
කපා දැමූ පාද කොටස රැගෙන ආවේ නම් එය බද්ධ කළ හැකිව තිබූ බව රෝහලේදී ඥාතීන්ට දැනුම්දී ඇත.
 
සැකකරුවන් දෙදෙනා අද උදැසන 5.30ට පමණ බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත . අදාළ අයුධය ද සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
 
තුවාල ලැබු කාන්තාව බලන්ගොඩ මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us