ධීවර ගැටලුවට විශේෂ සැසිවාරයක් අවශ්‍යයි

Published in පුවත්
Sunday, 09 November 2014 10:43
ඉන්දු ශ්‍රි ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු බව ඩි.එම්.කේ.පක්ෂය පවසයි.
ඩි.එම්.කේ.පක්ෂයේ භාණ්ඩාගාරික සහ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන එම්.කේ.ස්ටාලින් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරන ලදී. 
 
ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ පනීර් සෙල්වම් වෙත ලිපියක් යොමුකර පවසා ඇත්තේ ,තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා කිසිදු සැසිවාරයක් පවත්වා නොමැති බවය. 
 
මෙම තත්වය මත ඉදිරි දිනවල දී තමිල්නාඩු ප්‍රාන්තයේ සැසිවාරයක් පවත්වන ලෙස ද එම්.කේ.ස්ටාලින් පවසා තිබේ. 
 
මෙම සැසිවාරය පැවැත්වීමෙන් දැනට තමිල්නාඩු ප්‍රාන්තයේ ගැටලුවක්ව පවතින කිරිපිටි මිල ඉහළ දැමීම සහ විදුලි ගාස්තු වැනි කාරණා පිළිබදව සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙන බව ඩී.එම්.කේ .පක්ෂ මන්ත්‍රී එම්.කේ.ස්ටාලින් වැඩිදුරටත් පවසූ බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us