එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා මැයෙන් වූ එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.
“ජනාධිපතිවරණය පවත්වන බවට නම් කිරීමට ඇත්තේ ඉතා සුළු කාලයකි. රජය ගව්ගණනක් ඉදිරියට ගොස් ජනාධිපතිවරණ කටයුතු සිදුකරමින් සිටින අතර එක්‌සත් ජාතික පක්‍ෂය තවම නිදියහනේ පසුවෙයි. එය අතිශය කනගාටුවට කරුණකි.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ප්‍රකාශ කරන පොදු අපේක්‍ෂකයා නම් කිරීමේ අයිතිය එක්‌සත් ජාතික පක්‍ෂය සතු වේ. පක්‍ෂයකින් නම ඉදිරිපත් කළත් ඔහු නිර්පාක්‍ෂිකයකු විය යුතු බව එම සංවිධානයේ මතයයි.
එබැවින් කරුණාකර එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නම වහාම ප්‍රකාශයට පත්කරන ලෙස මෙයින් ඉල්ලමු. පක්‍ෂයේ සිටින එකම සුදුස්‌සා මොහුය. සියලු ජාතීන්, සියලු ආගම් හා පක්‍ෂ සියලු කණ්‌ඩායම්වල කැමැත්ත ඔහුටය. කරුණාකර මෙය වහාම ඉටුකරන ලෙස නැවතත් ඉල්ලා සිටිමු. යම් හෙයකින් මෙම ඉල්ලීම ඉටු කිරීමට අපොහොසත් වුවහොත් අප එක්‌සත් භික්‍ෂු පෙරමුණ එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු කටයුතුවලින් ඉවත් වන බව ද දන්වා සිටිමු.“ එම ලිපියේ සඳහන් වෙයි.
එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ප්‍රකාශයට පත්කිරීමට අපොහොසත් වුවහොත් එක්‌සත් භික්‍ෂු පෙරමුණ එජාපයේ සියලු කටයුතුවලින් ඉවත් වන බව එක්‌සත් භික්‍ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර සිටී.
Leave a comment
Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...