පැකර් තවමත් සාකච්ඡාවේ

Published in පුවත්
Monday, 17 November 2014 12:45

ඔස්ට්‍රේලියාවේ බිලියනපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේදී සිය කැසිනෝ ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා සූදානමින් සිටී. ඔහු ඒ පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජයත් සමග සකාච්ඡා කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

ඩොලර් මිලියන 457ක වටිනාකමකින් සුපිරි පහසුකම්වලින් සමන්විත ක්‍රවුන් හෝටලය ඩී. ආර්. විජේවර්ධන මාවතේ බේරේ වැව ආසන්නයේ ඉදිරිකිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය ඇතුළු මහාපරිමාණ සංචාරක හෝටල් තුනක් ඉදිකිරීමට අවශ්‍ය අවසරය ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් අතර ඒවා සඳහා කැසිනෝ අන්තර්ගත කිරීමට අවස්ථාව නොලැබුනත් අවශ්‍යනම් දැනට දේශීයව පවතින කැසිනෝ බලපත්‍ර උපයෝගී කරගෙන මෙම හෝටල වල කැසිනෝ ආරම්භ කිරීමේ හැකියාවක්ද පවතින බව සඳහන් වෙයි.

පසුගිය අයවැයේදීද කැසිනෝ සඳහා නව බද්දක් හදුන්වා දීමට කටයුතු කරනු ලැබීම හරහා ජේම්ස් පැකර්ට තවත් කඩුල්ලක් පැනීමට සිදුවී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය අද (17දා) වාර්තා කළේය.

Last modified on Monday, 17 November 2014 12:46

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us